Friday, September 20, 2024

General line - 0115112241

කුසල්ව දවා ගත් මිචෙල් ස්‌ටාක්‌ ‘ඉතිහාසයේ සුපිරිතමයා ලෙස’ කිරුළු පැළඳි වගයි



කුසල් මෙන්ඩිස්‌ ඊයේ (17) දිනයේදී මුහුණ දුන් පන්දු 14 ඇතුළත දැවැන්ත හයේ පහර දෙකක්‌ සහ හතරේ පහරකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් කරකැවීමට උත්සුක වූ හැටි දැක ගැනීමට ලැබුණා.

එහෙත් මිචෙල් ස්‌ටාක්‌ කඩුල්ලටම එවූ පන්දුව තෝරා බේරා ගැනීමට නොහැකිව ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

මෙන්ඩිස්‌ව දවා ගැනීමත් සමග මෙවර තරගාවලියේ 24 වැනි කඩුල්ල එකතු කර ගැනීමට ස්‌ටාක්‌ සමත්වුණා.

එය මෙරට තණතීරුවක වාර්තාවක් බව මේ වන විට වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී විදේශීය වේග පන්දු යවන්නකු ටෙස්‌ට්‌ තරගාවලියක ලබාගත් ඉහළම කඩුලු සංඛ්‍යාවේ අයිතිකරුවා බවට ඔහු ඒ සමගින් පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ස්‌ටාක්‌ට පෙර එම වාර්තාවේ අයිතිකරු වූයේ රිචඩ් හැඩ්ලි වන අතර ඔහු 1984 වසරේ ශ්‍රී ලංකාවේදී කඩුලු 23 ක්‌ දවා ගෙන එම වාර්තාවේ හිමිකරුවා බවට පත්ව සිටියා.