Friday, May 3, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතාවක්




ඊශ්‍රායලය පුරා එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් යුත් රජය ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පා ජනතාව මෙලෙස වීථි බැස සිටින බවයි.

මෑතකාලීනව ඊශ්‍රායලය තුළ වර්ධනය වූ දැවැන්තම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එරට ටෙල්අවීව් අගනුවරට පමණක් විරෝධතාකරුවන් ලක්ෂ 02 ක් පමණ එක්ව සිටින බව වාර්තා වනවා.  

කෙසේවෙතත් ඊශ්‍රායලය රජය පවසන්නේ රජයේ ශාඛා අතර සමතුලිතතාවය යථා තත්වයට පත් කිරීමට එම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. එහෙත් එම ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.