Tuesday, May 7, 2024

General line - 0115112241

චීන ජනපති රුසියාවේ සංචාරයකට සැරසෙයි




චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ සංචාරයකට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා පළ වන්නේ ෂී ජින්පින් අඛණ්ඩව 03 වන වරටත් චීනයේ ජනාධිපතිවරයා ලෙස බලය තහවුරු කර ගෙන සිටින පසුබිමක් තුළයි.

කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා රුසියාවට පැමිණෙන නිශ්චිත දිනයක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ. එහෙත් ඔහු අප්‍රේල් හෝ මැයි මාසයේදී රුසියාවේ සංචාරය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙවන ලෝක යුද්ධයේදී ලැබූ ජය සමරමින් රුසියාව පැවැත්වීමට නියමිත රාජ්‍ය උත්සවය සඳහා චීන ජනාධිපතිවරයා අමුත්තෙකු ලෙස සහභාගී වනු ඇති බවට ද වාර්තා පළ වනවා.  

සිය රුසියානු සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග විශේෂ සමුළුවකට සහභාගී වීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.