Tuesday, May 7, 2024

General line - 0115112241

මාර්තු 09 ඡන්දය නොපැවැත්වීම ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමක්




මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එම කොමිසමේ සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස් දෙනෙකු නම් කර තිබෙනවා.