Tuesday, May 7, 2024

General line - 0115112241

ඩොලරය ඉහළට - මැදපෙරදිග මුදල් ඒකකයන්ට අද ලැබුණු වටිනාකම




අද දිනයේදී මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.335.68ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඩොලරයේ විකිණුම් මිල රු.328.86ක් ලෙසයි.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.82ක් ලෙස සටහන් වූ අතර අද දිනයේදී ගැනුම් මිල සටහන් වුයේ රු. 319.84ක් ලෙසයි සටහන් වුයේ.

මේ අතර ඊයේ දිනයට සාපේක්ෂව මැදපෙරදිග මුදල් ඒකකයන්හි වටිනාකම අද දිනයේ දී තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී රු.846.37ක් ලෙස සටහන්වූ බහරේන් ඩිනාරයක වටිනාකම අද දිනයේ දී රු. 856.60ක් ලෙස සටහන්ව තිබුණා. එමෙන්ම කුවේට් ඩිනාරයක් ඊයේ දිනයේදී රු. 1038.58ක් ලෙස සටහන්වූ අතර එය අද දිනයේදී රු. 1053.60ක් ලෙස සටහන් වුවා.

ඕමාන රියාලයක ඊයේ දිනයේ වටිනාකම රු. 828.83ක් වු අතර එය අද දිනයේදී රු. 838.93ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කටාර් රියාලයක මිල රු.87.27ක් වූ අතර එහි අද වටිනාකම රු.88.47ක් වුවා.

මේ අතර සෞදි අරාබි රියාලයක අද දිනයේ වටිනාකම රු. 84.99ක් වූ අතර එය අද දිනයේදී රු.86.02ක් ලෙස සටහන්ව තිබෙනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයක ඊයේ දිනයේ වටිනාකම රු. 86.88ක් වූ අතර එය අද රු. 87.92ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.