Tuesday, May 7, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් පාසල් වාර විභාගය ගැන දැනුම්දීමක්




බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දින පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ  තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

හෙට දිනය තුළ සිසුන්ට විභාග සඳහා පැමිණීමේදී ඇතිවිය හැකි ප්‍රවාහන අවහිරතා පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ.