Saturday, May 4, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ වගකීමක් - මහා නායක හිමිවරුන් ගෙන් ජනපතිට ලිපියක්




ඉහල යන ජීවන වියදම පතා හෙළා මහජන පීඩාවන් අවම කොට සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලා මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

රට තුළ උද්ගතව තිබු දැඩි ආර්ථික දේශපාලනික හා සමාජීය අස්ථාවරත්වය යම් පමණක් සමනය කොට රට තුළ යම් ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිලිබඳ මහා සංඝරත්නය ලෙස තම ප්‍රසාදය පළ කරන බවද එම ලිපියේ සඳහන් වේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරිම බවයී මෙහිදී මහා නායක හිමිවරුන් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ජනාධිපතිවරයාට පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම බවද මහා නායක හිමිවරුන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත.