Saturday, May 4, 2024

General line - 0115112241

ඉස්ලාමාබාද් පොලීසිය ඉම්රාන් ඛාන්ගේ නිවස යළි වටලයි




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිනයේ අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉස්ලාමාබාද් පොලීසියේ නිලධාරීන් විශාල පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලාහෝයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවස වටලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පොලිස් නිලධාරින් එම ස්ථානය වෙත ලගාවීමත් සමග ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී පී ටී අයි පාක්ෂිකයින් විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව තිබෙනවා. ඔවුන් ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පොලීසියට බාධා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කර පිරිස් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.