Saturday, May 4, 2024

General line - 0115112241

අතිරේක බස්රථ ධාවනයට පුද්ගලික බස් හිමියන් සූදානමින්




අද දිනය තුළ මගී ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් බිමන් යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය පරිදි පුද්ගලික බස්රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද දිනයේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බැවින් අතිරේක බස්රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බවයි. 

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ලංගම බස්රථ ද උපරිම සංඛ්‍යාවක් අද දිනය තුළ ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.