Friday, May 3, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාරක ගුවන් යානය අමෙරිකානු ඩ්‍රෝන යානාවට සිදුකළ දේ (VIDEO)




කළු මුහුදට ඉහළින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ සිය MQ-9 රීපර් ඩ්‍රෝන යානය සමග ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 14 වන දින රුසියානු Su-27 ප්‍රහාරක ජෙට් යානයක් සමඟ ඇති වූ බිහිසුණු ගැටුම ඩ්‍රෝන් කැමරාවේ පටිගත වී තිබෙනවා.

නියමුවන් රහිත ගුවන් යානාවට පිටුපසින් පැමිණෙන රුසියානු ගුවන් යානය ඩ්‍රෝන යානාවේ ප්‍රොප්ලරයේ ගැටී ඇති අතර ඒ සමගම ගුවන් යානාවේ ඇති ඉන්ධන මුදාහැරීමක් ද සිදුකරන අයුරු රූගත වී තිබෙනවා. 

මෙම සිදුවීමත් සමග ඩොලර් මිලියන 32 ක වටිනාකමකින් යුත් ඩ්‍රෝන් යානය ජාත්‍යන්තර මුහුදට කඩා වැටුණු අතර මේ වන විට යානයේ කොටස් නැවත ලබා ගැනීම සඳහා රුසියාව සහ අමෙරිකාව අතර තරඟයක් ආරම්භ වි තිබෙනවා.

යුක්රේනයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව සහ අමෙරිකාව අතර ක්‍රිමියාවට ආසන්නව ඇති වූ පළමු සෘජු ගැටුම ලෙස මෙය සටහන් වනවා.