Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය පරිපාලන ලේකම්ට ස්ථාන මාරුවක්




රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න හදිසියේ ස්ථාන මාරු කර ඇති බව වාර්තා වනවා. එලෙස ඔහු ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ධූරයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේම අතිරේක ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25වනදා නොපවත්වන බවට  ඉතා පැහැදිලි බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. 

මේවනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා අදහස් පළ කළා. 

මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවා.