Friday, May 3, 2024

General line - 0115112241

ගෝමරන්කඩවල තිඹිරිවැව ප්‍රදේශයට භූ කම්පනයක්




ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල තිඹිරිවැව ප්‍රදේශයට අද අළුයම භූ කම්පනයක බලපෑම් එල්ල වී තිබෙනවා.

 භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පැවසුවේ අද අළුයම 03 යි 30 ට පමණ එම ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 03 ක පමණ භූ කම්පනයක බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර කිරින්ද පලටුපාන ප්‍රදේශයට ද ඊයේ මැග්නිටියුඩ් ඒකක 2 යි දශම 6 ක භූ කම්පන තත්ත්වයක බලපෑම් එල්ල වී තිබුණා.