Wednesday, May 22, 2024

General line - 0115112241

පොලිස්පතිට සේවා දිගුවක් ලබාදීමේ හැකියාව ගැන නීතිවේදීන් පෙන්වා දෙයි




පොලිස්පති සී ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාව පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ එවැනි සේවා දිගුවක් ලබාදීමේ අවශ්‍යතාවක් පවතී නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දිය යුතු බවයි. 

යම් හෙයකින් වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම යාමට පෙර පොලිස්පති ධූරයට සුදුස්සෙකු පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට තීරණයක් ගැනීමට නොහැකිවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.