Friday, January 17, 2025

General line - 0115112241

කොල්කටා කණ්ඩායම අයි පී එල් අවසන් මහා තරඟයට




IPL ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 08කින් ජය ගැනීමත් සමගයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම පන්දු වාර 19යි පනදු 03ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 159ක් පමණයි. රාහුල් ත්‍රිපාති ලකුණු 55යි.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 03ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 160ක ඉලක්කයක් හඹා යන විට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 164ක් රැස් කර ගනිමින් තරඟය ජය ගත්තා.

නායක ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 58ක් රැස් කළා.