Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරයට අද ලැබුණු අගය




අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල රු. 2-4ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි වෙළෙද මාර්ග සඳහන් කර සිටියේ.

සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ ගැනුම් මිල රු. 330ක් සහ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.330ක් සහ විකිණුම් මිල රු.350ක් ලෙස සටහන්ව තිබෙනවා.

කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 331.58ක් ලෙස සටහන්ව ඇති අතර ඩොලරයේ විකුණුම් මිල රු. 350ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර සෙලාන් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.331ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් මිල රු.351ක් ලෙස සටහන්ව තිබෙනවා.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 332.81ක් වූ අතර එහි විකිණුම් මිල රු.356.78ක් ලෙස සටහන්ව ඇත.