Friday, May 3, 2024

General line - 0115112241

මැතිවරණයට දින නියම කිරීමට පෙර සිදුකළ යුතුව තිබු දෙයක් ගැන පළාත් පාලන රාජ්‍ය ඇමති කියයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර ගත යුතුව තිබූ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිසිලෙස ලබාගැනීමට හැකියාව ඇත්දැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සොයා බැලීමට මැතිවරණ කොමිසම පියවර ගතයුතුව තිබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වුවමනාවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට කටයුතු නොකරන බව ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළා.