Friday, May 3, 2024

General line - 0115112241

හරක් කටා සහ කුඩු සළිඳු ගේ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් නියෝගය 




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ සහ සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිදු නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතින් විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නාග 

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වනදාට පෙර ගොනුකරන ලෙසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේග අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒග මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැදවනු ලැබුවාග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින  ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ පියා විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නාග