Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන ඉන්දු - ජපාන නායකයින් අතර සාකච්ඡා




ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් ඉන්දිය සහ ජපාන නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩාගේ ඉන්දීය සංචාරය අතරතුරයි.

මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම 

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධීකරණයට ද නායකයින් දෙපළ එහිදී එකගතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ජපානයේ හිරෝෂිමාහිදී පැවැත්වීමට නියමිත මෙවර ජී 7 සමුළුව සඳහා සහභාගී වන ලෙස ජපානය මෙහිදී ඉන්දියාව වෙත නිල වශයෙන් ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 ඉන්දියාවට අමතරව ඔස්ටේ්‍රලියාව, බ්‍රසීලය, වියට්නාමය සහ ඉන්දුනීසියාවට ද ජී 7 සමුළුව සඳහා ජපානය විසින් ආරාධනා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරයේදී ඔහු විසින් ඉන්දු - පැසිෆික් කලාපයේ යටිතල පහසුකම් හා ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන්  අමෙරිකානු ඩොලර් බිලියන 75 ක ආධාර ලබාදෙන බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.