Sunday, May 19, 2024

General line - 0115112241

යළි IMF නොයා යුතු බවට විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්




යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීමට වගබලා ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ආර්ථික කළමනාකරණය නිසි අයුරින් සිදුකළ හොත් යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා  ගැනීමට සිදු නොවනු ඇති බවයි. 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සතුටු විය හැකි කරුණක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක සඳහන් කළේ. 

කෙසේවෙතත් ණය ලබා ගනිමින් මෙරට ආර්ථිකය ගොඩනැගීමට හැකි නම් එය 2015 සහ 2019 යන කාලවකවානුව තුළ ද සිදුකිරීමට හැකියාව තිබූ බවයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසුවේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද පළමු වාරිකය රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප් ගෙවීම සඳහා යොදා ගන්නා බවට ජනාධිපතිවරයා සඳහන් කළ බවයි අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ.