Monday, May 20, 2024

General line - 0115112241

2023 පළමු පාසල් වාරය අදින් ඇරඹේ




2023 වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වනවා. මෙම වසර අවසන් වනවිට අධ්‍යයන වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය කර ලබන වසරේ ජනවාරි මාසයේ සිට සාමාන්‍ය පරිදි පාසල් පළමු වාරය ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නෙත් නිවුස් වෙත කියාසිටියේ.

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සිදුකිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් පෙර පැවැති ක්‍රමයට නියමිත පරිදි ලබන වසරේ ජනවාරි මාසයේ සිට පාසල් පළමු වාරය ආරම්භ කිරීමට ගෙන යන වැඩපිළිවෙළට බාධා මතුව ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

කෙසේවෙතත් මේවනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගැටළුව කඩිනමින් අවසන් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවා. එමෙන්ම මේවන තෙක් පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නොලැබුණු සිසුන් සඳහා අදින් ආරම්භ වන සතිය තුළ ඒවා ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.