Monday, May 20, 2024

General line - 0115112241

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් උත්සව සමයේ වැටලීම් වැඩි කරයි




අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපලේ විශේෂ වැටලීම් මේවනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බවයි. 

පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපලේ පවතී නම් ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.