Sunday, May 19, 2024

General line - 0115112241

මිශ්‍ර පොහොර මිල සියයට 50කින් පහළට




එලවළු, පොල්, තේ හා කුරුඳු වගාවන් සඳහා යොදා ගන්නා මිශ්‍ර පොහොර මිල සියයට 50කින් පහළ ගොස් තිබෙනවා. ඒ බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව දැනට වෙළෙදපොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.