Monday, May 20, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සේවකයින් හදිසි වර්ජනයක - ඉන්ධන බෙදා හැරීමටත් බාධා




ඛනිජ තෙල් වෘත්තීය සමිති අද දහවල් ආරම්භ කළ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ මෙරට ඉන්ධන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් 3කට බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව එම හදිසි වෘත්තීය ක්‍රීයාමාර්ගය ආරම්භ කළ බවයි.

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන, අනෙකුත් සේවකයන්ගේ රාජකාරි වලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා පනත යටතේ සේවා උල්ලංඝනය කරමින් කටයුතු කරන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුට හෝ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය හෝ විනය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සභාපතිවරයාට තමන් උපදෙස් ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටිනවා.