Monday, May 20, 2024

General line - 0115112241

ආණ්ඩුවේ චෝදනා පත්‍රයට ජනකගෙන් පිටු 25ක පිළිතුරක්




මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීම සඳහා චෝදනා පහකින් සමන්විත චෝදනා පත්‍රයක් ආණ්ඩුව විසින් එවා ඇති බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. අදාළ කිසිදු චෝදනාවක් තමන් පිළි නොගන්නා බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

පිටු දෙකකින් යුත් එම චෝදනා පත්‍රයට පිටු 25ක දීර්ඝ විග්‍රහයක් සහිත පිළිතුරු ලිපියක් යොමු කළ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළා.