Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු කථානායක ජෝශප් මයිකල් දිවි ගමනට සමුදෙයි




හිටපු කථානායකවරයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 82වන වියේ පසුවුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17වන කථානායකවරයා වන ලෙස කටයුතු කළ ජෝෂප් මයිකල් පෙරේරා මහතා ස්වදේශ කටයුතු අමාත්‍යධූරය මෙන්ම පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ඇතුළු තනතුරු රැසක් හොබවා තිබෙනවා. 

මේ අතර අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ මහතාගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.