Monday, May 20, 2024

General line - 0115112241

අලුතින් එන ත්‍රස්ත විරෝධී පනත ගැන මාලිමාවෙන් රතු එළි




ත්‍රස්ත විරෝධී පනත නමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් සම්මත කිරීමට ආණ්ඩුව උත්සහ දරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව මතුවන විරෝධතා මැඩ පැවැත්වීමේ අරමුණින් මෙම පනත සම්මත කිරීමට සූදානම් වන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට මෙවැනි පනත් උපයෝගී කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහිදී සඳහන් කළා.