Monday, May 20, 2024

General line - 0115112241

බිල වැඩි වෙද්දී විදුලි ඉල්ලුමට සිදු වුණු දේ




විදුලි බිල වැඩි කිරීමත් සමඟ විදුලි ඉල්ලුම සියයට 20කින් පමණ අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන අුාදායම් මට්ටමට ළඟා වීමේ ගැටලුවක් මතුවන බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීම සඳහා චෝදනා පහකින් සමන්විත චෝදනා පත්‍රයක් ආණ්ඩුව විසින් එවා ඇති බවත් අදාළ කිසිදු චෝදනාවක් තමන් පිළි නොගන්නා බවත් ජනක රත්නායක එහිදී වැඩිදුරටත් සඳහන් කළා.