Thursday, May 16, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් ලැබීමේ කැපී පෙනෙන වර්ධනයක්




මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 407ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබුණු බවයි.

එහෙත් 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 205ක්. 

2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකේදීම මෙරටට ලැබී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 464ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් පමණයි. එහෙත් මේ වසරේ ගත වූ මාස දෙකේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 845ක්.

පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරින් 7,662කු නුපුහුණු ශ්‍රමිකයින්. පුහුණු ශ්‍රමිකයින් 6,582කුද ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් ගත වී තිබුණා. එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.