Sunday, May 19, 2024

General line - 0115112241

සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක




සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව අද දහවල් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා.

රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්ධනය හා රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක.  



මේ අතර දීමනා ගැටළුවක් මුල් කර ගනිමින් අද දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් බැහැරවීමට ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක.