Sunday, May 19, 2024

General line - 0115112241

ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකස් කළ සැකකරුවෙකු නාරාහේන්පිටදී STF අත්අඩංගුවට




නාරහේන්පිට  ඇල්විටිගල මාවත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ රියැදුරු බලපත්‍ර සහ තවත් ලිපි ලේඛන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායෙ නිලධාරීන් සමත් ව තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

අදාළ නිවස තුළ රියදුරු බලපත්‍ර ඇතුළු තවත් ලේඛන ව්‍යාජ ලෙස සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කර තිබූ රියදුරු  බලපත්‍ර 20 ක්, බැංකු කාඩ්පත් 7 ක්, ආදායම් බලපත්‍ර 3, පරිගණකක් ඇතුළු තවත් ලේඛන රැසක් සිය භාරයට ගත් බව ද පොලිස් විශේෂ බලකාය භාරයට වැඩිදුරටත් සඳහන් කළා.