Sunday, May 19, 2024

General line - 0115112241

නව ලිට්‍රෝ ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ 




අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නව ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.1005.00කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු. 3378.00ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු. 402කින් අඩු කරනු ලබන අතර නව මිල රු. 1502.00ක් වේ. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.183කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.700ක් වේ.