Sunday, May 19, 2024

General line - 0115112241

මාර්තුවේ සංචාරකයින් පැමිණීම එක්ලක්ෂ 25,000 ඉක්මවයි




පසුගිය මාර්තු මාසයේදී සංචාරකයින් එක් ලක්ෂ 25,495 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ මෙම වසරේ පළමු කාර්තුව තුළ සංචාරක පැමිණීම් තුන් ලක්ෂ 35, 679 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. 

මෙම වසර අවසාන වනවිට මිලියන 02 ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරය වැඩිදුරටත් සඳහන් කළා.