Sunday, May 19, 2024

General line - 0115112241

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මුල් පුටුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට




සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු කාලයක් සඳහා එම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න වෙත යොමු කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.