Wednesday, May 15, 2024

General line - 0115112241

සෞදි ගුවන් යානයකට සුඩානයේදී ප්‍රහාරයක්




සෞදි මගී ගුවන් යානයකට සුඩානයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, සුඩානයේ කාර්ටොම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි.

සුඩානයේ සිට සෞදි බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ සෞදි ගුවන් සේවයට අයත්  A-330 වර්ගයේ ගුවන් යානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෞදි කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සියළු සාමාජිකයින් නිරුපද්‍රිතව සුඩානයේ පිහිටි සෞදි තනාපති කාර්්‍යයාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.