Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට - 28කට තුවාල




අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාසල් සිසුවෙකුගේ උපන්දින සාදයකදි ඇති වූ ගැටුමක් හේතුවෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පුද්ගලයින් අතර අමෙරිකාවේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකුද වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම වසරේ ගත වූ සති 15 ක කාලසීමාව තුළ අමෙරිකාවේ සමූහ වෙඩි තැබීම් 163 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා මෙම වසරේ පළමු කාර්තුවේදී සිදුව ඇති වෙඩි තැබීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ.

පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන මහජනතාව ආයුධ අත දැරීම පාලනය සදහා නව නීති ගෙන ආ යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා යෝජනාවක් ද ඉදිරිපත් කළා.