Friday, May 3, 2024

General line - 0115112241

අවුරුදු වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව දිගටම දෙයිද? තීරණය අද




උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව තවදුරටත් එලෙස පවත්වාගෙන යන්නේද නැද්ද යන්න අද දිනයේ තීරණය කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 4 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට සියළුම ඛාණ්ඩවල රථ වාහන සදහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජය තීරණය කළා. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි.

එලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමෙන් පසු සතියක කාලය හෙටින් සම්පූර්ණ වනවා. ඒ අනුව මීළඟ සතියේ ඉන්ධන කෝටාව වැඩි කළ ආකාරයෙන් පවත්වාගෙන යනවාද? නැතහොත් මීට පෙර පැවති මට්ටමින් පවත්වාගෙන යනවාද යන්න අද දිනයේ තීරණය කරන බවයි බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.