Friday, May 3, 2024

General line - 0115112241

රුපියල් 50ට අඩුවෙන් බිත්තර දෙන්න අවසර ඉල්ලයි




පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවසර ලබාදෙන්නේ නම් රුපියල් 50කට අඩු මුදලකට පාරිභෝගිකයන් වෙත බිත්තර ලබාදීමට හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සරත් රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදි පැවසුවේ ගැසට් පත්‍රයේ සදහන් පාලන මිලට බිත්තර ලබාදීම සදහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඇතැම් බේකරි හිමියන් ආනයනික ඉන්දීය බිත්තර ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඉකුත් දින කිහිපයේ දේශීයව නිෂ්පාදනය කරන බිත්තරවල හිඟයක් පැවති බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදිකයින්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.