Friday, May 3, 2024

General line - 0115112241

තල්දෙන විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගිය රැදවියන් සොයා තවදුරටත් මෙහෙයුම්




තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගිය සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගැනීම සදහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක පැවසුවේ රාමසාන් උපවාසයේ යෙදී සිටි මුස්ලිම් රැදවියන් නව දෙනෙකු අද අලුයම එකට පමණ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බවයි.

ඒ අතරින් රැදවියන් දෙදෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.