Friday, May 3, 2024

General line - 0115112241

කොත්මලේ ඔයේ මසුන් අබිරහස් ලෙස මියයයි

රංජිත් රාජපක්ෂ




අඹේවෙල සිට තලවකැළේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ වෙසෙන මසුන් හදිසියේ මියයමින් සිටින බව වාර්තා වනවා. ඒ හේතුවෙන් කොත්මලේ ඔයේ මත්සයින් ආහාර සඳහා නොගන්නා ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රදේශවාසීන්ට දැනුම්දී ඇත්තේ. 

අඹේවෙල සිට කොත්මලේ ඔයේ කිලෝමීටර් 12 ක පමණ කොටසක වෙසෙන මසුන් එලෙස මියයමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔයේ දෙපස එලෙස මියගොස් සිටින මසුන් වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් රැගෙන යන බව වාර්තාවී තිබෙනවා. 

එලෙස රැගෙන යන මසුන් ආහාර සඳහා භාවිත නොකරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. කොත්මලේ ඔයේ මසුන් හදිසියේ මියයාමට හේතුව සේවීම සඳහා මේ වන විට විමර්ශණයක් ද ආරම්භ කර තිබෙනවා.