Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ජන පවුරක්




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හා යුක්තිය ඉල්ලා එළඹෙන 21 වනදා ජන පවුරක් ඉදිකිරීමට ජාති ආගම් භේදයෙන් තොරව එක්වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. 


කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් දේවස්ථානය දක්වා මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ මග දෙපස එම ජන පවුර පෙළගස්වන බවද කාදිනල් හිමියන් එහිදී සඳහන් කළා.