Wednesday, May 15, 2024

General line - 0115112241

නිදහස් වෙළඳ ගිවිසුම ගැන ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර යළි සාකච්ඡා




යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා කරන බව ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍ය නීර් බාර්කට් පවසනවා.

ඉන්දීය ආර්ථිකය වර්ධනය වෙමින් ඇති බවත් බව එය නුදුරේදීම ලොව 03 වන විශාලතම ආර්ථිකය වනු ඇති බවත් ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සිදුවන වෙළඳ ගනුදෙනු පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දියාව යනු ඊශ්‍රායලයේ මිතුරෙකු බවත්, දෙරටම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සඳහා ගරු කරන බවත් ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍යවරයා පවසනවා. ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් ද දෙරටම මුහුණ දෙන්නේ සමාන අභියෝග සඳහා බවයි ඔහු පවසන්නේ. 

ඉන්දියාව සහ ඊශ්‍රායලය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා මුල පිරුවේ ඉකුත් 2010 වසරේදීයි. දෙරටේ වෙළඳ ගනුදෙනු ශක්තිමත් වීමත් සමග යළිත් නිදහස් වෙළඳ ගිවිසුමට එළඹීම කඩිනම් කිරීමට දෙපාර්ශවයේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.