Thursday, May 16, 2024

General line - 0115112241

නිව්යෝර්ක් හි මහල් රථ ගාලක් කඩා වැටෙයි : පුද්ගලයෙකු ජිවිතක්ෂයට




අමෙරිකාවේ, නිව්යෝර්ක්හි මහල් රථ ගාලක් කඩා වැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මහල් තුනකින් සමන්විත එම රථ ගාලෙහි දෙවැනි මහළ පළමුවෙන් කඩා වැටී තිබෙනවා. එහිදී රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථ රැසකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රොබෝ සහ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන තිබෙනවා. කෙසේවෙතත් අදාළ මහල් රථ ගාල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අවට ගොඩනැගිලිවලට හානි සිදුව ඇත්දැයි සොයා එරට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.