Thursday, May 16, 2024

General line - 0115112241

කුඩා දරුවෙකු ධවල මන්දිරයේ ආරක්ෂක වැටෙන් පනියි




අමෙරිකාවේ කුඩා පිරිමි දරුවෙකු ආරක්ෂක වැටෙන් පැන ධවල මන්දියේ භූමි සීමාවට ඇතුළු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක වැටෙහි කණු දෙක්ක අතර පවතින අගල් පහමාරක් පමණ වන පටු ස්ථානයකින් දරුවා ධවල මන්දිරයේ භූමි සීමාව වෙත ඇතුළු වී ඇති බවයි.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින අමෙරිකානු රහස් සේවා පොලිසියේ නිලධාරින් දරුවා ඔහුගේ මව්පියන් වෙත භාර දී තිබෙනවා.

එම නිලධාරියෙකු ධවල මන්දිර භූමියේ සිට දරුවා ඔසවා ගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ධවල මන්දිරය තුළ සිට ඇති බවයි.