Friday, May 3, 2024

General line - 0115112241

තවත් රටවල් කිහිපයක් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගනී




සුඩානයේ රැදී සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් ඉවත් කර ගැනීමට තවත් රටවල් කිහිපයක් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල්වල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එම රටවල පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාව සහ බි්‍රතාන්‍ය සුඩානයේ රැදි සිටි සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ පුරවැසියන් මීට පෙර ඉවත් කර ගත්තා.  

රටවල් රැසක් සුඩානයේ රැදී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සිය පුරවැසියන් එලෙස ඉවත් කර ගෙන ඇත්තේ සුඩාන රජයේ හමුදාව සහ නිල නොවන හමුදා කණ්ඩායම් අතර පවතින දරුණු සටන් හේතුවෙන්.