Saturday, May 4, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය සිව්වසරක් පිරිම නිමිත්තෙන් ඉතාලියේ නිහඬ විරෝධතාවයක්




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් ගතවීම නිමිති කර ගනිමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධාන කළ දිව්‍ය යාගයක් සහ නිහඩ විරෝධතාවක් ඊයේ පැවැත්වුණා. ඒ, ඉතාලියේ පාදුවා ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ බැසිලිකාවේදීයි.

නොවිසදුනු කුමන්ත්‍රණයක යුක්තිය උදෙසා යදිමු යන තේමාව ඔස්සේ එය සංවිධාන කර තිබුණා. ඒ සදහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් කියාසිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සිව් වසරක් ගතවන විටත් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම හේතුවෙන් එම විරෝධතාව සංවිධාන කළ බවයි.

එම විරෝධතාවයේ දර්ශන ඇතුළත් විඩීයෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.