Friday, May 3, 2024

General line - 0115112241

හම්බන්තොට භූ කම්පනය මෑත කාලයේ මෙරට ප්‍රභලතම භූ කම්පනයද?




හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ අද අලුයම සිදුවූ භූ කම්පනය මෑත කාලීනව මෙරටින් වාර්තා වූ විශාලතම භූ කම්පනය බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ, භූ විද්‍යා ආචාර්ය ස්ටර්ලින් ප්‍රනාන්දු පැවසුවේ හම්බන්තොට සිට කිලෝමීටර් 25 යි දශම 8 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4 යි දශම 4 ක් ලෙස සටහන්ව ඇති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් තවදුරටත් සිදුකරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

අද අලුයම සිදුවූ එම භූ කම්පනය මෑත කාලීනව මෙරටින් වාර්තා වූ විශාලතම භූ කම්පනය දැයි භූ විද්‍යා ආචාර්ය ස්ටර්ලින් ප්‍රනාන්දුගෙන් නෙත් නිවුස් මෙහිදී විමසා සිටියා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.