Friday, May 10, 2024

General line - 0115112241

ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවීමට විපක්ෂයේ සාකච්ඡා




විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් විපක්ෂයේ ඒකාබද්ධ සංධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත මර්දනකාරී පනත්වලට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාව පළ වූ බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.