Thursday, May 9, 2024

General line - 0115112241

සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රභල භූ චලනයක්




ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද අලුයම ප්‍රභල භූ චලනයක් සිදුව තිබෙනවා.

මැග්නිටියුඩ් ඒකක 6යි දශම 7ක ප්‍රබලත්වයකින් එම භූ කම්පනය සිදුව ඇති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

සුමත්‍රාහි පදන්ග් නගරයේ සිට කිලෝ මීටර් 210ක් දුරින් අද අලුයම 1යි 30ට පමණ එම භූ චලනය සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.  

ඒ අනුව, අලුයම 1යි 41ට පමණ ජාතික සුනාමි පූර්ව අනතුරු මධ්‍යස්ථානය මඟින් නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මෙරට ජනතාවට දැනුම් දුන්නා.

අලුයම 1යි 53ට තවත් නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවයි.

ඒ අනුව, මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය තහවුරු කළා.

ජාතික සහ අන්තර්ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් අදාළ නිවේදනය නිකුත් කළ බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණි ජයවර්ධන.