Saturday, May 11, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය එක් වසරකදී අත්හිටුවන්නැයි යෝජනාවක්




උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මතුව ඇති ගැටලුව අද දිනයේදී විසදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.

පිළිතුරු පත්‍ර පරීක්ෂාව මාස 2ක පමණ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ගැටලු ගණනාවක් පැන නැගී ඇති බවයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දුන්නේ.

එම සංවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ.


පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනි කවිරත්නද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.


පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී මතුවන ගැටලු මඟ හරවා ගැනිමට එක් වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගයක් නොපවත්වා සිටීමට නොහැකි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එහිදී යෝජනාවක් ඉදිරිපත් කළේ මෙලෙසයි.



එම යෝජනාවට අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.