Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව උතුරේ විරෝධතා




යෝජිත ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කරන ලෙසට ඉල්ලමින් උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

දෙමළ දේශපාලන පක්ෂ විසින් එම හර්තාලය ආරම්භ කර ඇති ඊට සහය පළ කරමින් වවුනියාව දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම හර්තාල් ව්‍යාපාර සඳහා උතුරු පළාත් වෙළඳ සංගම් හා සිවිල් සංවිධාන රැසක් සහයෝගය පළ කර තිබෙනවා.

උතුරු පළාතේ පෞද්ගලික බස් රථ සේවකයන් බස් ධාවනයෙන් ඉවත්ව ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් අද දිනයේ සාමාන්‍ය පරිදි පැවති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.